වෙල්ගමට විරෝධතා ගොනු කරන්න කල් දෙයි


ගමනා ගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 32ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසමෙන් තමාට එරෙහිව පවරන ලද නඩුවේ චෝදනා පත‍්‍රය සංශෝධනය කිරීම ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කොට ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් විවාදය මැයි 24 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා තීරණය කළේය.

හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ වගඋත්තරකරු ලෙස නීතීපතිවරයා නම් කොට ඇත.