වෙරෝනා ළමා වැඩ සටහන ඉරිදා


ජීවිත සාර්ථකත්වය පිළිබඳව කෙරෙන බෞද්ධ මනෝ විදයාත්මක ළමා  වැඩ සටහනක් 17 වෙනිදා උදෑසන 9 සිට සවස 5.30 තෙක් වෙරෝනා වීයා විපොල්ලා සන් පියෝ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියන්ගේ ආරාධනයෙන් ස්විට්සර්ලන්තයේ සුරිච් විහාරාධිපති  කරුවලගස්වැව අනුරුද්ධ හිමියෝ මේ සඳහා වැඩම කරවති. වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කතෝලික දේවස්ථානයේ හා ප‍්‍රගති පාසලේ මාපියවරුන් මේ වැඩ සටහන සංවිධානය කරති.