වෙරෝනා සංගීත ප්‍රසංගය 22 වැනිදා


වසරක් පාසා වෙරෝනා නුවර පවත්වන හෙළ මියැසි ගි රාවය දෙවන ප්‍රසංගය මෙම මස 22 වන දින ස්තිමාතේ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විමට නියමිත බව  වෙරෝනා නුවර හෙළ මියැසි සංගිත සංසදය පවසයි.

 විශාරද නන්දා මාලනියගේ අවසරය මත ඈගේ ගි ගැයෙන යුරෝපයේ ප්‍රථම ශාස්ත්‍රිය සංගිත ප්‍රසංගය මෙය වන බවත් 23 වැනි දින මෙම ප්‍රසංගයම ෆිරෙන්සි සමාධි විහාරයට ආධාර පිණිස ෆිරෙන්සි නගරයේ ස්කන්දිච්චි සිනමා ශාලාවේදි පැවැත්විමට නියමිත බවත් හෙළ මියැසි සංගිත සංසදය පවසයි.

රෝමයේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බෑනට් කුරේ  කොන්සියුලර් රාණි බුලත්වෙල ප්‍රවිණ සංගිත අධ්‍යක්ෂ  රෝහණ විරසිංහ  මාධ්‍යවේදීනී දිපා අධිකාරි යන මහත්ම මහත්මින් මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගිවිමට නියමිතය.

‘ඇත්තේන්ම මගේ අවසරය අරගෙන පවත්වන තමයි මෙම සංගිත ප්‍රසංග දෙකම පවත්වන්නේ. ෆිරෙන්සි සමාධි විහාර භූමිය  ගන්න ආධාර පිණිස පවත්වන ෆිරෙන්සි ප්‍රසංගයත් වෙරෝනා ප්‍රසංගයත් සාර්ථක වේවායි කියලා මම සුභ පතනවා.‘ විශාරද නන්දා මාලනි එසේ කියයි.