වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨිණ පින්කම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයාවහන්සේලා මේ පින්කමට වැඩම කර සිටියහ.
හත් සියයකට ආසන්න දායකයෝ පිරිසක් ඒ සඳහා සහභාගී වූ බවත්, මෙවර පෙරහර වෙනුවෙන් කැරිබිනේරි පොලිසිය හා රථවාහන පොලිසිය මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදා තිබූ බවත් විහාරාධිපති උඩවලවේ ඥානන්ද හිමියෝ කියති.