වෙරිමතේ රාජකාරී කළ සා.කළමනාකරු පොලිසිය දක්කයි


(කුෂාන් ජයවර්ධන)

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු එහි කළමනාකරණ සහකාරවරයකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව සිටි බව පොලිසිය කියයි.

මේ සම්බන්දයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා  සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.