වෙරළේ සෙල්ලම් කළ දැරිය මුහුදට බිලි


අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් සිටි අක්කා නඟෝ දෙදෙනකු  (අවුරුදු15-13)  මුහුදේ ගසා ගෙන ගොස් නංගී බේරා ගත් බවත් අක්කා අතුරුදන් වී ඇති බවත්  පොලිසිය කියයි.

මීගොඩ වටරැක පදිංචි මොවුන් අම්බලන්තොට ඥාතී නිවසක පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.

යෙෂිනි විද්‍යා (15) මෙසේ මුහුදේ අතුරුදන් වී ඇති අතර බේරාගත් ඇගේ සහෝදරිය අම්බලන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.