වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ක්


ශ්‍රී ලංකාව වටා වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ට වැඩි ප්‍රමාණයක් ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියයි. ඔහු පවසන්නේ 1983 වර්ෂයේ සිට ඉදිකරන ලද නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප මේ අතර වන බවයි. එවැනි ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා වාර්ෂිකව රුපියල් විසි ලක්ෂයක් රජයෙන් වෙන්කැර දෙතත් එය ප්‍රමාණවත් නැතැයි ද ඔහු කීවේය. වෙරළ සංරක්ෂණ පනත අනුව මෙවැනි ඉදිකිරීම් ඉවත්කිරීමට හැකියාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.