වෙරළ රකින්න පරිසර නියමුවෝ පෙළ ගැසෙති


ලෝක පරිසර දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පරිසර නියමු භට කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පරිසරය සුරැකිමේ වැදගත්කම විදහාදක්වමින් අද ගාල්ල නගරයේ පා ගමනක් පැවැත්විනි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කැර තිබිණි.