වෙරළ ඔරු පැදීමේ ශුරතාව නාවික හමුදාවට


ගල්කිස්ස වෙරළ තීරයේදී අද (28 වැනිදා) උදෑසන පැවති වෙරළ ඔරු පැදීමේ තරගාවලියේ කාන්තා සහ පිරිමි ඉසව් දෙකේම ශූරතා දිනා ගැනීමට නාවික හමුදාව සමත්විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව යුද හමුදා ‘ඒ’ පිල පරාජය කළ නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම තරගාවලිය ජය ගනිද්දී කාන්තාවන් සඳහා පැවති එකම තරගයද ජය ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත්විය. එම තරගයේදී නාවික හමුදා කාන්තා කණ්ඩායම විසින් පරාජය කරන ලද්දේ යුද හමුදා කාන්තා කණ්ඩායමයි.

අර්ධ අවසන් වටයේදී ධීවර ප‍්‍රජා ‘ඒ’ පිල පරාජය කරමින් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර නාවික හමුදා ‘ඒ’ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ යුද හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරමිනි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට යුද හමුදා ‘බී’, ධීවර ප‍්‍රජා ‘බී’, නාවික හමුදා ‘ඒ’,  මොරටුව විශ්ව විද්‍යාලය, ධීවර ප‍්‍රජා ‘ඒ’, කොළඹ ඔරු පැදීමේ සමාජය, යුද හමුදා ‘ඒ’, නාවික හමුදා ‘බී’ යන කණ්ඩායම් සමත්වුහ.

පළමු වරට පැවැති මෙම තරගාවලිය නැරඹිමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ දෙහිවල - ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාද පැමිණ සිටියහ.

 

පිරිමි අර්ධ අවසන් පූර්ව තරග

  • යුද හමුදා ‘බී’ කණ්ඩායම විසින් ධීවර ප‍්‍රජා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
  • නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරන ලදී.
  • ධීවර ප‍්‍රජා ‘ඒ’ කණ්ඩායම විසින් කොළඹ ඔරු පැදීමේ සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
  • යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් නාවික හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

 

පිරිමි අර්ධ අවසන් තරග

  • යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ධීවර ප‍්‍රජා ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
  • නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් යුද හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

 

පිරිමි අවසන් තරගය

  • නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.

 

කාන්තා තරගය

  • නාවික හමුදා කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.

 

ඡයාරූප: ශානුක අරවින්ද 

නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම තරගයේ යෙදෙමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

යුද හමුදා 'බී' කණ්ඩායම රලමැදින් මුහුදට...

 

 

 

 

 

 

 

 

 

 

 

 

කොළඹ ඔරුපැදීමේ සමාජ කණ්ඩායම තරගයට අවතීර්ණ වෙමින්...