වෙරළ ඔරු පැදීමේ තරගාවලියක් අනිද්දා (28 වැනිදා) පෙ. ව. 7.00 සිට ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකාවේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ජනප‍්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, ආරක්ෂක අංශ සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රාශියක් සහභාගි වීමට නියමිතය.
එක් කණ්ඩායමකට පස් දෙනා බැගින් සහභාගිවන අතර ආරම්භයේ සිට මීටර් 400 දුරක් දියඹට ඔරුව පැද ආපසු හැරී නැවත ආරම්භක ස්ථානයට පැමිණි විට තරගය අවසන්වේ. ධීවර ප‍්‍රජාව වෙනුවෙන් පැවැත්වෙන අශ්වබල 20 සහ 15 කාණ්ඩයන්ට අයිති ධීවර බෝට්ටු තරග සහ ජෙට් ස්කී සංදර්ශනද එදින පැවැත්වීමට නියමිතය.
සංචාරකයන්ගේ ජනප‍්‍රිය විනෝදාංශයක් ඔරු පැදීමේ තරග ඉදිරියේදී අරුගම්බේ, මිගමුව, කල්පිටිය, ගල්කිස්ස, ත‍්‍රිකුණාමලය වැනි මුහුදු තීරයන්හිද පැවැත්වීමට සංවිධායකයෝ බලාපෙරොත්තු වෙති.
(*)