වෙරළ අවට තද සුළං


නිරිතදිග මෝසම් හේතුවෙන් බසිනාහිර හා දකුණු පළාත්වල අද රාත්‍රී කාලයේ තද සුළං ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාතිලක මහත්මිය කියා සිටියේ දිවයින අවට මුහුදු වෙරළේ පැයට කිලෝ මීට 50 ක් 60 ක් පමණ වේගයෙන් සුළං හමායන බවයි. මෙය කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය නොවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැඩි සුළං තත්ත්වයත් සමඟ මුහුද රළු වී ඇති බැවින් නාවුක හා ධීවර කටයුතු වලින් වැලකී සිටීම සුදුසු බව ද වැසි ඇතිවන අවස්ථාවලදී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තද සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.