වෙබ් කඩෙන් සල්ලි නොදී බඩු අරන්


අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම්කර මුදල් නොගෙවා වංචා කළැයි කියන තරුණයින් දෙදෙනකුට අප්‍රේල් 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය නියෝග කළාය.

විවිධ වාණිජ වෙබ් අඩවි භාවිතයෙන් 2009 අගෝස්තු 1 - සැප්තැම්බර් 9 කාලය තුළ වත්තල, කොළඹ හා කටුගස්තොටදී රුපියල් 1,18,497 ක  මුදලක් වංචා කළැයි ඉක්බාල් මොහොමඩ් ඉර්ෂාඩ් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අනීල් නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.