
ඇමෙරිකා අත්අඩංගුවේ පසුවන වෙනිසියුලා හිටපු නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ට නව චෝදනාවක් එල්ල වී ඇත. ඒ, මදුරෝ, ජනාධිපතිවරයා ලෙස සිටිද්දී, වෙනිසියුලාවේ දී අත්අඩංගුවට ගැණුනු ඇමෙරිකන් පුරවැසියන්ට අමානුෂික ලෙස වඳ හිංසා කළ බවටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සෙබළුන් පිරිසක්, වෙනිසියුලාවේ කැරකැස් අගනුවරට රහසේ ගොස්, පහර දී, මදුරෝ (63) සහ බිරිඳ සීලියා (69) කුඳලාගෙන ඇමෙරිකාවට රැගෙන ආවේ ඉකුත් ජනවාරියේය.
ඒ, ඇති මත්ද්රව්ය ජාවාරම් සහ අවි ආයුධ චෝදනා සම්බන්ධයෙනි. වධහිංසා පැමිණවීමේ කුමන්ත්රණයක යෙදුන බවට මදුරෝට සහ බිරිඳට චෝදනා එල්ල වූයේ ඊයේ (8) දිනයේය.
නව චෝදනා එල්ල වී ඇත්තේ, මත්ද්රව්ය ජාවාරම් සහ අවි ආයුධ චෝදනාවලට අමතරවය. මදුරෝ මෙන්ම සීලියා ද එල්ල වන සියලු චෝදනා ප්රතික්ෂේප කර ඇත.
රැඳවුම් මධ්යස්ථානයේ සිටින ෆ්ලෝරස් නිවාස අඩස්සියට මාරු කරන ලෙස මදුරෝ සහ බිරිඳ සීලියාගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති නමුත් අධිකරණය එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි.
මදුරෝ සහ ෆ්ලෝරස් යන දෙදෙනාගේම නඩු විභාගය 2027 ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතය. දෙදෙනා බෲක්ලින්හි රැඳවුම් මධ්යස්ථානයක රඳවා සිටින බව ද පැවැසෙයි. දෙදෙනාගේම නඩු විභාගය 2027 ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතය.

