වෙනිසියුලාවට නෙරැපු ලාංකිකයා ආගිය අතක් නෑ


2012 දී සීත සමයේදී ශ්‍රී ලාංකිකයෙන් මාස හතරක් වෙනිසියුලාවේ  සයිමන් බොලිවර් අන්තර් ජාතික ගුවන්තොටේ  බිම නිදාගත්තේය.පොදු නාන කාමරයෙන් නා ගත්තේය.පරමේෂ්වරන් යන නම්න් පමණක් හැදින්වු  ඔහු ගැන යු ටියුබ් වීඩීයෝවක් අන්තර්ජාලයට එක් විය.

ඔහුට ස්පාඤ්ඤ  බස යන්තම් දැන සිටියත් ඉංග්‍රිසි කතා කිරීමට නොහැකි විය. මෙක්සිකෝවේ සිට වැරදීමකින් වෙනිසියුලාවට පිටුවහල් කැරුණු  ඔහුට එරටින් පිට වීමට නොහැකි වුයේ වෙනිසියුලාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයයක් නොතිබු නිසාය.

 අසරණවු පරමේෂ්වරන්ට ගුවන් හමුදා නිලධරයින්ගෙන් ඇදක්ද මානවහිමිකම් සංවිධානයකින් ආහාරපානද ලැබිණි.
පසු ගිය මැයි මාසයේ සිට ඔහු ආගිය අතක් නැත ඔහුට වෙනිසියුලාවේ ජීවත් වීමට අවසර දුන්නාද නොඒසේනම් ඔහුගේ රටට ගියාද යන්න කිසිවෙක් නොදනිති.