ලෝක කම්කරුදිනය සමරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඒකාබද්ධ මැයිදින පෙළපාලියට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි ශාඛා නියෝජනය කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෝ පිරිසක් සහභාගී වූහ.
නැගෙනහිර ලන්ඩනයේ ක්ලාකන්වෙල් ග්රීන්හි පිහිටි කාල්මාක්ස් අනුස්මරණ පුස්තකාලය අභියසින් ආරම්භවූ එම පෙළපාලිය අවසන් කෙරුනේ සුප්‍රකට ට්‍රඵල්ගාර් චතුරශ්‍රයේදී පැවති ඒකාබද්ධ රැළියකිනි.
මැයි පළමුවැනිදා එංගලන්තයේ නිවාඩු දියනක් නොවේ. ඒ වෙනුවෙන් නිවාඩු දිනය ප්‍රකාශයට පත්කැර තිබුණේ මැයි 04 වැනි සඳුදා දිනයයි.






