වෙන්නප්පු කසල ප්‍රශ්නෙට ඉතාලියෙන් විසදුම්


ශ්‍රි ලංකාවේ නගර ආශ්‍රිත දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසල එකතුවිම සදහා නවීන තාක්ෂණික උපකරණ සමග දැනුම ලබා දෙමින් ඊට විසදුම් සොයා දිමට වෙරෝනා නගර සභාව ඉදිරිපත්ව සිටි.

 මෙ වන විට ඉතාලියේ සංචාරයකට එක්ව සිටින වෙන්නප්පු ප්‍රාදේශිය සභාවේ සභාපති වික්ටර් සුසන්ත මහතා පසුගියදා වෙරෝනා නගාරාධිපති ෆාලාවියෝ ටෝසි සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කසල ප්‍රශ්නයට විසදුම් සොයා දිමට නගර සභාව ඉදිරිපත් විය.

ප්‍රථම අදියර වශයෙන් වෙන්නප්පු ප්‍රාදෙශිය සභා බල ප්‍රදෙශයේ කසල එකතුවන හා බැහැර කරනා ආකාරය සොයා බැලිම සදහා ඉතාලි ජාතික ඉංජිනේරුවරුන් තිදෙනකු ඉදිරියේදි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

අනතුරුව නවින තාක්ෂණික උපකරන පරිත්‍යාගයෙන් හා දැනුම ලබා දිමෙන් වෙන්නප්පු බල ප්‍රදේශයේ එකතුවන කසල ප්‍රතිචක්‍රිය කර කාබනික පොහොර හා ගෑස් නිපදවීමට ඔවුන්ගෙ අවධානය යොමුවේ.

මෙය ලංකාව පුරා ව්‍යාප්ත කිරිම ගෑන සකච්ඡා කිරිම සදහා වෙරෝනා නගරාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදි ඔහු එහිදි ඔහු රජයේ ඉහල බලධාරින් හමුවිමට සුදානමින් සිටි. වෙරොනා නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයකු මේ සදහා මැදිහත්ව කටයුතු කරන අතර ඔහු කියා සිටියේ තමා ජනප්‍රියත්වය උදෙසා මෙවෑනි දෙ නොකරන බවත් රට වෙනුවෙන් දෙයක් කළහෑකි නම් ඔනෑම මොහොතක එය නොපිරිහෙළා ඉටුකරන බවත් තමාගේ නම සදහන් නොකරන ලෙසත්ය.