"ආදරෙයි මං ආදරෙයි" ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයට දායක වූ ඔහුගේ මගේ "සෝසුසුම්", "සිත් තැවුලේ", "හීනයක්", "ප්‍රේමයක්" වැනි ගීත ජනප්‍රියත්වයට පත්විය. මේ දිනවල රූපවාහිනි මාධ්‍ය තුළ හා ගුවන් විදුලියේ විකාශය වන "හිත රිදුණ හැමදාම" ගීතයද ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. ඔහු රහල් අල්විස්ය. BEJI සංගීත කණ්ඩාමේ නායකත්වය ඔහුට හිමිව තිබේ.
BEJI සංගීත කණ්ඩායම එක්ක සිදුකරන අලුත් වැඩකටයුත්ත ගැන මුලින්ම කතා කරමු?
මගේ සංගීත දිවියේ තවත් එක් පියවරක් ඉස්සරහට තියන්න තමයි උත්සහ කරන්නේ. රහල් අල්විස් ප්‍රමුඛ BEJI සංගීත කණ්ඩායමේ පළමු ප්‍රසංගය 23 වැනිදා පැවැත්වෙනවා. මෙම ප්‍රසංගය දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී නොමිලේම තමයි පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගයේදී ලංකාවේ ජනප්‍රිය ගායකයන් 16 දෙනෙක් එදිනට ගීත ගායනා කරනවා.
සංගීත කණ්ඩායම හඳුනගන්න ලැබෙන්නේ කොහොමද?
මට බොහෝ සංගීත කණ්ඩායම්වලින් ආරාධනා ලැබුණා. නමුත් මම මේ සංගීත කණ්ඩායම හඳුනගන්නේ කුරුණෑගල හතරලියද්ද ප්‍රදේශයේ පැවැත්වුණ ප්‍රසංගයකින්. දක්ෂයන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්. මට ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා. මමත් ආසාවෙන් හිටියේ. මේක විශේෂයක් වෙයි. මම හැමවිටම උත්සහ කරන්නේ මේ තුළ මගේ ගීත විතරක් ගායනා කරන්න. මම එළිමහන් ප්‍රසංග වේදිකාවට යන්නෙ අඩුවෙන්. ඒ නිසා මගේ ගීත අහන්න බොහෝ රසිකයන් කැමතියි. මම ඒ දේ මේ සංගීත කණ්ඩායම තුළින් ගෙන එනවා. අසේල සංගීත කණ්ඩායමේ හිටපු නායකයා මතක්කළ යුතුයි. සංගීත කණ්ඩායමේ කළමනාකරු මංජුල විජේරත්නව මෙහිදී මතක් කළ යුතුයි.
රහල් අල්විස් කියන ගායකයා වෙනත් සංගීත කණ්ඩායම්වල ප්‍රසංග වලට යොමුවන්නේ නැද්ද?
නෑ. එහෙම වාරණ දාගන්නෙ නැහැ. මේ සංගීත කණ්ඩායම තුළ ගායනා කරන්නෙත් මගේ ගීත විතරයි. වෙනස් ප්‍රසංගවලට ගියත් මම ගායනා කරන්නේ මගේ ගීත විතරයි.
මේ වෙද්දි නිර්මාණය වන ගීත ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
මේ වෙද්දි නම් ලංකාවේ තියෙන්නේ ඒකාකාරී ගීත රුල්ලක්. මල් සින්දු කියලා කැටගරයිස් කරලා තියනවා. නමුත් මම නම් ඒ සම්ප්‍රදායෙන් එහාට යන කෙනෙක්. ඒ නිසා තමයි මම නිර්මාණය කළ %සිතරිදුණු හැමදාම^ ගීතය රසිකයන් මේ තරම් ඉක්මනට වැලඳ ගත්තේ. මම කරන නිර්මාණ ගැන මම ගොඩක් සෑහීමකට පත්වෙන කෙනෙක්.
මේ වෙද්දි ඔබ නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා?
ඒක හරි අහම්බයෙන් සිදුවුණ දෙයක්. මට ස්වර්ණවාහිනී නාළිකාවෙන් ආරාධනා කළා නිවේදනයට. මම ඉස්කෝලේ යන කාලෙවත් කතාවක් පවත්වපු නැතිකෙනෙක්. දැන් ඒ ගැනත් ඉගෙන ගනිමින් නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ අවස්ථාව දුන්න එකට ස්තුතිවෙනවා.
ගායකයෙක් ලෙස ඉදිරි සැලසුම් මොනවද?
බයිල ගායකයෙක් නම් බයිලා විතරයි එයා කියන්නේ. රැප් නම් රුප් විතරයි එයා කියන්නේ. එහෙම තමයි ගායකයෝ හිටියේ. මම ඒ සීමාවෙන් මිදිලා ඉදිරියේදිත් ගොඩක් වෙනස් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ පවතින ඒකාකාරී රටාවෙන් මිදුණ කෙනෙක්. ඉස්සරහටත් ඒ රැල්ලෙන් මිදුණ ගීත තමයි මම නිර්මාණය කරන්නේ. මගේ නිර්මාණ ලංකාවෙ ප්‍රේක්ෂකයන් භාර ගත්තා. සින්දුවක් ජනප්‍රිය වෙන්න ලංකාවෙ චැනල් එකක චාව් ෂෝ එකේ නම්බර් වන් වෙන්න ඕන කියන මතය තියනවා. එහෙම නෑ. මම හැමදාම කියන දේ හිට් එක නෙමෙයි, අපිට අවශ්‍ය පැවැත්මයි. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ සින්දු පවතින්න කියලා. මගේ සින්දු හිට්වෙන්න ඕන නෑ. "හිත රිදුණ හැමදාම" ගීතය හැමදෙනාම භාර ගත්තා. ඒ වගේ වෙනස්ම ගී නිර්මාණ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ..
රංගන මදුසංඛ


