වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි රිමාන්ඩ්


උතුරු මැද ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසීයැයි සැකපිට ආයුර්වේද වෛද්‍ය සුසිර කුමාර වික්‍රමසිංහ,  හමුදා සෙබළ නුවන් කුමාර හා මාළු වෙළෙන්ඳකු වන ඩබ්ලිව්. ඒ. පෝසිත ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කෙළේය.

නුවන් කුමාර හා පෝසිත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය. ඇසිඩ් සාම්පල රජයේ රසපරීකෂ වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත්  සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර පොලිසියට සපයන ලෙස බැංකුවලට නියෝග කෙළේය.