වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි


කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දි ඉල්ලා පැවැරූ නඩුව සානුකම්පිතව සලකා බලන්නැයි ඇගේ නීතිඥ ජී ජී අරුල් ප්‍රකාශම් මහතා දිසා විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතාගෙන් ඉල්ලා සිටියේය.සමන්මලී අවසන් වසරේ උගෙන ගනියි. වගඋත්තරකාර සම්මන්ත්‍රණශාලාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතා අසනීප වී සිටි හෙයින් නඩුව කල් තබන්නයි ඉල්ලා සිටි අවස්ථාවේදී අරුල් ප්‍රකාශම් මහතා එසේ කීය. නඩුව ලබන 27 වැනිදාට කල් තැබූ විනිසුරු එදිනට එම කරුණ සලකා බලන බව කීවේය.