රජයේ 2017 අයවැය යෝජනාවලට විරෝධය පාමින් දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරු අද (30) වර්ජනයක් ඇරැඹූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මෙම වර්ජනයට එක්ව සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ළමා, කාන්තා හා පිළිකා රෝහල්වලත් වකුගඩු සායනවලත් ප්‍රතිකාර සුපුරුදු පරිදි සිදුකරන බවත් ය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් වෙනත් දිනයක් ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල සිටිනු දැකිය හැකි විය. ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වැඩකටයුතු අද සිදු නොකැරිණි.
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුද අද වැඩ වර්ජනයක යෙදීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත්වූහ. එහි බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් ආපසු හැරී ගිය බව රෝහල් ආරංචි කියයි.
අනුරාධපුර රෝහලේ ද වෛද්‍යවරු 400ක් වැඩ වර්ජනයට එක්ව සිටිති.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප - ඉෂාන් සංජීව
ඡායාරූප - දිපාල් ද සිල්වා
වීඩියෝ - ඉෂාන් සංජීව