වකුගඩු බද්ධ කැර ගැනීමට මෙරට පිරිස් එදා ඉන්දියාවට ගියද අද මෙරට වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය හේතුවෙන් ඉන්දියා රෝගීන් ශ්‍රී ලංකාවට එතියිද ඒ නිසා සැලසුම් සහගතව ඉන්දියා පොලිසිය මෙරට වෛද්‍යවරුනට චෝදනා කරතියි රජයේ දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා පවසයි.
යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම මගින් මෙරට රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුනට තිබෙන අවස්ථා අහිමි වන බවත් කුමන රටක් සමග කුමන ගිවිසුමක් ගැසුවද මෙරට වෘත්තිකයන්ට බලපෑමක් වන ආකාරයේ ගිවිසුම් අත්සන් නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
පෙබරවාරි 11 වැනිදා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෙද සංගම් රැසක් එකතුව කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය.


