වෙඩි වැදුණු මූණට අලුත් මූණක් By None // 2012 මාර් 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර්නාමික පුද්ගලයකුගේ මුහුණේ අවයව බද්ධ කිරීමට ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍යවරු පිරිසක් සමත්වූහ. මෙම ශල්‍ය කර්මයට වෛද්‍යරුවන් සිය දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුට පැය 36ක් ගත විය. මෙවැනි ශල්‍ය කර්ම විසි දෙකක් මීට පෙර සිදුකර ඇතත් ඒ අතරින් මෙම ශල්‍ය කර්මය සුවිශේෂි බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ ශල්‍ය වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. එයට හේතුව වශයෙන් ඔහු කියනුයේ වෙඩි වැදීම නිසා දිවේ පැත්තකුත් දත් හා මුහුණේ තවත් අවයව විනාශ වී තිබුණත් ඒ සියලු දේ නැවත බද්ධ කිරිමට හැකි වූ බවයි. එඩුආර්ඩෝ රොඩ්රිගස් මාර්තු 22 දා සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු රෝගියා දින තුනක් පුරා සිහිසුන්ව සිට බවත් පියවි සිහිය පැමිණි විගස කණ්නාඩියෙන් තම මුහුණ බලා මහත් සේ සතුටට පත්ව තමා ඇතුළු පිරිස වැළඳගත් බවත් වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. අලුත් මුහුණ ඇති බව ඔහුට දැනෙයි. දැන් දත් මදියි. ඔහුට සිනා සීමට ද හැකි වෙතියි වෛද්‍යවරු කියති. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවත් තව දින කිහිපයක් ඔහු මෙරිලන්ත සරසවියේ වෛද්‍ය විද්‍යාලයයේ තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත