පකිස්ථානයේ වේදිකා නාට්‍ය නිළියක වන කිස්මත් බෙයිග් නාඳුනන තුවක්කුකරුවන් විසින් තබන ලද වෙඩි පහරවල් 11ක් හේතුවෙන් මිය ගියාය. ඇය වේදිකා නාට්‍යයක රඟ පා ආපසු එද්දී කාරයක හා මෝටර් සයිකලයක නැඟුණු පිරිසක් ඇයට වෙඩි තබා තිබේ. ඇයත් ඇගේ රියදුරුත් වහා රෝහල්ගත කරන ලද නමුත් ඇගේ කකුල්වලට, බඩට සහ අත්වලට වැදුණු වෙඩි පහරවල් නිසා අධිකව රුධිරය වහනය වී ඇය මියගිය බව කියැවෙයි. මේ සිද්ධියට ඊර්ෂ්‍යාකාර පෙම්වතකුගේ සම්බන්ධයක් ඇතැයි පොලීසිය සැක කරයි.
මේ පිරිස කිස්මත්ගේ නාට්‍යය ඉවර වෙනකම් රංග ශාලාව ළඟ ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇයව ලූහු බැඳල තියෙන්නේ.
‘‘කිස්මත් අදින් පස්සෙ උඹ නටලා ඉවරයි.’’
එතන හිටපු කෙනෙක් එහෙම කියලා තියෙනවා. මීට ඉස්සරත් දෙසැරයක්ම තුවක්කුකරුවන් ඇය මරන්නට තැත් කරලා තියෙනවා. ඒ දෙවරම ඇය තුවාල නොලබා බේරුණත් මේ සැරේ ඒ තරම් වාසනාවන්ත වෙලා නෑ.
පොලීසිය පවසයි.
ඇය ෆායිසාලාබාද් නගරයේ කර්මාන්තශාලා හිමිකරුවෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබේ. පොලීසිය කියන්නේ ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නට නියමිත බවය.