පොලිසියේ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් නඩරාජා ගජන් (23) සිසුවාගේ මවට පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස තර්ජනය කළැයි කියන ඉහළ පොලිස් නිලධාරියකු ගැන සහ එම සිදුවීම රිය අනතුරක් ලෙස වාර්තා කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස යාපන ප්‍රධාන මහේස්ත්‍රාත් සතීස්වරන් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පොලිසියේ පස් දෙනා ලබන 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.