ඇමරිකානු ජාතික යුවලක් විස්කොන්සින් පෙදෙසේ නිවාඩුවක් ගතකරමින් සිටියදී සැමියාට එල්ල වූ හදිසි වලස් ප්‍රහාරයකින් ඔහු බේරා ගැනීමට බිරිදට හැකි විය.
මිදුලේදී වලහා සමග සැමියා පොරබදමින් සිටියදී බිරිද ගෙට දුවගොස් තුවක්කුව එළියට ගත්තාය.
එහෙත් තුවක්කුවට පතුරම් දැමීමටත් ඉන් වෙඩි තැබීමටත් ඇයට නොහැකි නිසා තුවක්කුව දෑතින් අල්ලාගත් ඇය වලහාගේ හිසට වැරෙන් පහරක් එල්ල කළාය.
එම පහරත් සමග වලස් ග්‍රහණය බුරුල් වීමත් සමගම සැමියා සහ බිරිද ගෙට දුවගොස් දොර වසාගත් අතර වලහාද ඔවුන් පසුපස විත් ස්තෝප්පුවට වී රැක සිටියේය.
පසුව ලේ ගලන තුවාල සහිතව සිටි සැමියා ජනේලයෙන් වලහාට වෙඩි තබා මරා දැම්මේය.
ඉන්පසු බිරිද සැමියාව රෝහලට ගෙන ගිය අතර සැමියා දැන් කියන්නේ මින්පසු බිරිදටත් වෙඩි තැබීමට පුහුණු කරන බවයි.