වෙඩි තියද්දි පොලිසිය හිටියාදැයි සොයයි


වැල්ලම්පිටියේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබූ අස්ථාවේ පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට රාජකාරි සඳහා යොදවා තිබූ බව පොලිස් ආරංචි කියයි.පොලිස් ජංගම රියක් ද ඒ අසල තිබී ඇත.

රාජකාරි සඳහා සිටි පොලිස් නිලධාරීන් රාජකාරි පැහැර හැරියේ දැයි සොයා බැලීමට විමර්ශනයක් පවත්වන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.