මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබුනේ නැහැ. ඒක මර්දනය කරන්න මේ අයට කිසිම උවමානාවක් නැහැ. මේව අපේ කාලෙ මර්ධනය කරල තිබුනෙ,දැන් හැම තැනම කුඩු පිරිල, අද මත් කුඩු බොහොම ලාබෙට තියෙනව ඒව ගම් වලටත් ඇවිල්ල, අපේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් අද මේ විදියට සමාඡය පිරිහෙමින් තිබෙනව මෙහෙම ගියොත් ජනතාවට කිසිම නිදහසක් නැ ඒ අයට පමණයි නිදහස, අනික් අයට නිදහසක් නැ ඒ ගැන කනගාටුටවක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හතරලියද්දේදි පැවැසිය.
හතරලියද්ද තුම්පනේ කොලුගල රඡමහවිහාරස්ථානයේදි හිටපු ඡනපති වෙනුවෙන් කළගුණ සැලකිමේ හා ආශිර්වාද ජය පිරිත් දේශනයක් හා සාංඝික දානය අවසානයේදි මාධ්‍ය වේදින් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අපරාද රැල්ල පටන් ගත්තෙ විරකැටියෙන් වීරකැටියෙ නාඳුනන වෙඩික්කරුවෙක් පුද්ගලයෙක් මරා දැම්ම ඊට පස්සෙ කොළඹ චමින්ද කියල කෙනෙකුට වෙඩි තිබ්බ ඊට පස්සෙ මාතර කෙනෙකුට රාඡගිරියෙදි වෙඩි තිබ්බ මිගමුවෙදි පොදුජන එක්සත් පෙරමුනේ පතාකයෙක් වෙඩි තියල මරා දාල අද උදේ තව කෙනෙකුට වෙඩි තියල තුවාල කර තියෙනව මේ රැල්ල රජය නැවැත්විය යුතුයි. මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබිච්ච නැති එකක්.
අවුරුද්දකට වැඩි කලක් පාලනය කර සංවර්ධනය සම්පුර්නයෙන්ම ඇන හිටලා ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටිච්ච වෙලාවක් මේක.ඡාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනිමට ඔවුන් දැමු සියලු කොන්දේසි වලට එකග වෙලා දැන් ණය ගන්නයි බලාපොරොත්තුව. හැබැයි ඇමතිවරු වගයක් කියනව ඇහුණ මම ණය අරගෙන තියනවලු කවුරුත් දන්නෙ නැතිලු. ඒක දැන් ලු හොයාගෙන යන්නෙ.පොත් පත් වලත් නැතිලු එහෙනම් මට කියන්න තියෙන්නෙ පොත් පත් වල නැත්තම් ඉතින් ගෙවන්නෙ නැතුව ඉන්න කියල. මිනිස්සු රැවැට්ටීමෙත් එක්තරා සිමාවක් තියෙනව එයින් එහාට රවටන්න පුළුවන් කමක් නැ ලෝකෙ ණය ගන්න ක්‍රමවේද තියෙනවා අයි.එම්.එෆ් අන්තර් ජාතික වාර්තාව බැලුවොත් ඒ අයම බොහොම පැහැදිලිව කියල තියෙනව මේක කළමනාකරනය කරගෙන ඉදිරියට යන එක විතරයි.




