වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන කොටහේන  ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ශෂී කුමාර් නැමැත්තෙකි වයස අවුරුදු 37ක පුද්ගලයෙකි.

බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පලායමින් සිටියදී වෙඩික්කරු සහ පැදිකරු දෙදෙනාම ගිනි අවිය සමග පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි , ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමර මහත්වරුන් ඒකාබද්ධව විමර්ශන පවත්වයි.

 

වෙඩික්කරු බව කියන පුද්ගලයා