( සනත් ගමගේ , චන්ද්‍රසේන ගමගේ සහ අනීෂා මානගේ )
රන්න වාඩිගල වාහන සේදුම්කරන මධ්‍යස්ථානයක අයිතිකරුට අද (23) දහවල් යතුරුපැදියකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා කඩුවකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් පසු තංගල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රන්න වැලිආර පදිංචි රංජිත් වගාරච්චි (41) යන අය බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිනි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් උඩට වෙඩි තැබීමෙන් පසු සර්විස් එකේ සිටි අය බියකර එහි අයිතිකරුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදු කර පැමිණි පුද්ගලයින් යතුරුපැදියෙන් ම පලා ගොස් ඇති බව මූලික පරීක්ෂනවලදි හෙලි වි ඇතැයි පොලිසිය කියයි.
සර්විස් එකේ අයිතිකරු එම අවස්ථාවේ දි ටිපර් රථයක් සෝදමින් සිටි අතර එම ස්ථානයට පැමිනි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනා කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කර පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
පාවිච්චි නොකරන ලද පතොරමක් ද එම ස්ථානයේ තිබී හමුවී ඇත. පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් පරීක්ෂන සිදු කරන බව පොලීසිය කියයි.
(ඡායාරූපය සනත් ගමගේ - සිද්ධිය වු ස්ථානය )