බලාපොරොත්තුවකින් සිටියත් තමා සොයා එන වෙඩි උණ්ඩයක් කඩුවකින් පහර දී විනාශ කළ හැකි පුද්ගලයකු මේ ලෝව සිටීද? ඉසාඔ මාකීයි එවැනි දුර්ලභ මිනිසෙකි. ඔහුගේ තියුණු දෑසේත්, ක්‍රියාශීලී දෑතේ , වේගය මැන බලන අවස්ථාවක් පසුගියදා කැලිෆෝනියා සරසවියේ ආචාර්ය රමණි දුර්වාෂුලා ඇතුළු පිරිසක් හමුවේ දැක ගත හැකි විය.
අති නවීන කැමරා ඉසාඕ ඉදිරියේ සවි කළ ආචාර්ය රමණි ඇතුළු පිරිස ඔහුට මීටර කිහිපයක් ඉදිරියෙ සිට ඉසාඔට වෙඩි තැබීය.
පිස්තෝලයේ හඩ පිටවන විටත් ඉසාඔහේ කඩුව රැඳී තිබෙනුයේ කොපුවේය.
ගතවන නිමේශයෙන් කඩුව පිටත ගෙන තමා සොයා එන උණ්ඩයට ඉසාඔ පහර දුන් අයුරු විශ්මිතය. බේස් බෝලයකින් හාරදාස් වාරයකින් එකක් තරම් කුඩා වේගයෙන් ඇදී ආ ඇට බෝලයට පහරදුන් ඉසාඕ අවුරුදු පහේ සිට කඩු සටන් පගුණ කළ අයෙකි.