(බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකිරීමේ අරමුණෙන් දියත් කළ මුළුමනින්ම අසංවිධානාත්මක එකක් යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්ත රත්නප්‍රිය මහතා කොළඹ දී අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිය සේවා අප්‍රේල් 6 වැනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කළේ දීර්ඝ සටනක අවසාන පියවර හැටියට වුවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කැඳවනු ලැබුවේ නින්දෙන් නැගිට මෙන් යැයි ද රත්නප්‍රිය මහතා කීය.
පසුගිය වසර කීපය පුරා රජයේ හෙද නිලධාරින්ගේ සංගමය දියත් කළ සාධාරණ වෘත්තිය සටන්වලදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධානීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ යැයි චෝදනා කළ හෙතෙම එම ක්‍රියාකලාපයම අද ඔවුන්ට පාරාවළල්ලක් වී ඇතැයි අවධාරණය කර කීය.

