වීසා නැතිව සිටි ලාංකිකයන් ඉන්දීය අත්අඩංගුවේ


නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය බාරයට ගෙන ඇතැයි චෙන්නායිහි නියෝජ්‍ය  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍ර දේශයේ සිදුකරන ලද  සෝදියකදී මොවුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.

කම්කරු වීසා සහිතව ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා, වලංගු වීසා කාලය ඉක්මවා එරට රැඳී සිට ඇත. පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු ඉන්දීය බලධාරින් විසින් මෙම ලාංකිකයින් දෙදෙනා මෙරටට පිටුවහල් කරනු ඇත.

තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමග  මොවුන් රැඳී සිට ඇති අතර එම ඉන්දීය ජාතිකයින් ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි සඳහන් කර සිටී.