වීසා නැති සංචාරකයෝ - 14


දිලිසෙන නිල් පැහැති උඩු කයක් හා දිලිසෙන කළු පැහැති යටි කයක් සහිත මේ අලංකාර පක්ෂියා හඳුන්වන්නේ නීල රාජයා නමිනි. නීල රාජ විශේෂ දෙකක් ලෝකයේ දක්නට ලැබෙයි. පිට නිල් පැහැති හා පිට කළු පැහැති යනුවෙන් මේ විශේෂ දෙක හඳුන්වන අතර ශීත සෘතුවත් සමග මෙරටට පැමිණෙන්නේ පිට නිල් නීලරාජයාය.  

ඉංග්‍රීසි බසින් ඒසියා ෆෙයිරි බ්ලූබර්ඩ් Asia Fairy bluebird ලෙසත් සත්ත්ව විද්‍යාත්මකව ඉරෙනා පුඑල්ලා Irena puella ලෙසත් හඳුන්වන පිට නිල් නීලරාජයා නීලරාජ විශේෂ දෙක අතරින් පුළුල් පැතිරීමක් ඇති විශේෂයයි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයේත් දකුණු, නැගෙනහිර හා ඊසාන දිග ඉන්දියාවේ කඳුවැටි ආශ්‍රිතවත් ගිණිකොන දිග ආසියාව දක්වා වූ සදාහරිත සහ තෙත් පතනශීල වනාන්තරවලත් දැකිය හැකි පිට නිල් නීලරාජයා කුඩා කණ්ඩායම් වශයෙන් ආහාර සොයා සැරිසරන පක්ෂියකි.

ඝන කැලෑවල මෙන් ම කෝපි ආදී වගාබිම් ආශ්‍රිතව ද දක්නට ලැබෙයි. ගස්වල ගෙඩි ආහාරයට ගන්නා මොවුන් මල් පැණි හා කුඩා කෘමි සතුන් ද ආහාරයට එක්කර ගනී. පෙබරවාරි සහ අප්‍රේල් කාලයේ දී කැදලි තනා බිත්තර දමති. ගස් කරුවක රළු කෝටුවලින් සාදන කූඩුවට පාසි, පත්‍ර කොටස් හා මුල් කැබලි අතුරා වඩාත් මට සිළුටු බවක් එක්කර ගනී.asianbfmale bluebirdasianfairy0011_fcw asian_fairy_bluebiry 2345