වීසා නැති සංචාරකයෝ - 11


ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හෙවත් Black-capped Purple Kingfisher ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාතමකව හැල්සියොන් පිලීටා Halcyon pileata ලෙස හැඳින්වේ. මේ පිළිහුඩුවාට අමතරව තවත් පිළිහුඩු විශේෂ හයක් මෙරට දක්නට ලැබෙයි. ලොව පිළිහුඩු විශේෂ 90 කි.

හිස කළු දම් පිළිහුඩුවා ඇතුළු සියළු විශේෂ මාංශ භක්ෂකය. මේ විශේෂයේ ප්‍රධාන ආහාරය වන්නේ කලපුවල දක්නට ලැබෙන කකුළුවෝය. ගිනිකොණ දිග ආසියාවේ වෙරළාශ්‍රිතව ජීවත්වන මේ පිළිහුඩුවා අන්දමන් දූපත් හරහා පහතරට වියළි කලාපයේ කඩොලාන සහිත ගංමෝය සහ කලපුවලට පැමිණෙයි. ඉතා දුර්ලභ නිහැරි කුරුල්ලෙකි.

සෙන්ටි මීටර 30ක් පමණ විශාලත්වයෙන් වැඩෙයි. හිස කළු පැහැතිය. සුදු කර මාලයක් දක්නට ලැබෙයි. පිට දම් පැහැති පිහාටුවලින් සමන්විතය. රතට හුරු පඬු පැහැති යටි කයක් දක්නට ලැබෙයි. මොවුන්ගේ විශේෂත්වයක් වන්නේ සෑම වර්ෂයකට ම එකම ස්ථානයකට යළි යළිත් පැමිණීමයි. එබැවින් සෑම වර්ෂයක දී ම නිශ්චිත ස්ථානයක දී දැකගත හැකිවේ.

800px-Halcyon_pileata_-_Phra_Non  1024px-Black_Capped_Kingfisher blackcapped_kingfisher_0002 blkcapking_lpb_10dec13

වීසා නැති සංචාරකයෝ - 01  

http://www.lankadeepa.lk/index.php/articles/267260

වීසා නැති සංචාරකයෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/267404

වීසා නැති සංචාරකයෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/267670

වීසා නැති සංචාරකයෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/269230

වීසා නැති සංචාරකයෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271278

වීසා නැති සංචාරකයෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/271788

වීසා නැති සංචාරකයෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/276725

වීසා නැති සංචාරකයෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277005

වීසා නැති සංචාරකයෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277400

වීසා නැති සංචාරකයෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277598