වීසා නැති සංචාරකයෝ - 08


මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට කොළවන් කහ පැහැතිය. පාද ලා කොළ පැහැතිය. අනෙක් කොකුන්ට සාපේක්ෂව කෙටි ගෙලක් සහිතය. බොහෝ විට වගුරු සහිත පන් වැනි තෘණ ශාක සහිත පරිසයේ සැරි සැරීමට ප්‍රිය කරන සත්ත්ව විශේෂයකි. යුරාසියානු මැටි කොකා හෙවත් යුරෝසියා පන් කොකා ලෙස ද හඳුන්වයි. බොටුරස් ස්ටෙලාරිස් Botaurus stellaris සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂි විශේෂය බ්‍රිතාන්‍යයේ හා යුරෝසියා රටවල අභිජනනය කරයි.

ශීත සෘතුව එළඹීමත් සමග දීර්ඝ මගක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිහැරි කුරුල්ලකු වන යුරාසියානු මැටි කොකා ශ්‍රී ලංකාවේ පහතරට කලාපයට පැමිණෙන්නෙකි. දැකීම තරමක් දුර්ලභය.

සෙන්ටි මීටර 7.5ක් පමණ දිගැති කොළ පැහැති හොටයක් සහිත මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මාළුන් සහ මැඩියන්ය. කුඩා සතුන් හා බෙල්ලන් වර්ග ආහාරයටට ගනී. එමෙන්ම ජලයේ ජීවත්වන කෘමි විශේෂ ද ගිල දමයි.

පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ දී සිය වර්ගයා බෝකරන යුරාසියානු මැටි කොකාගේ පිරිමි සත්ත්වයා එම කාලයේ දී රෑ දවල් නොබලා මහ හඩ නගයි. දෝංකාර වන ඒ ශබ්දය කිලෝ මීටර දෙකක් පමණ දුරට පැහැදිලිව ඇසේ.

පන් ශාකය මත කැදලි තනන මොවුහු වරකට බිත්තර තුනත් හයත් අතර ප්‍රමාණයක් දමයි.

buhaj_ser great_bitterndighal28_february_2014four greatbitternfly124dec10

වීසා නැති සංචාරකයෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/267260

වීසා නැති සංචාරකයෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/267404

වීසා නැති සංචාරකයෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/267670

වීසා නැති සංචාරකයෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/269230

වීසා නැති සංචාරකයෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271278

වීසා නැති සංචාරකයෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/271788

වීසා නැති සංචාරකයෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/276725