
(නිරෝෂණ ගොඩැල්ලගේ ඊශ්‍රායලයේ සිට)
විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසිය.
එම පිරිසට විසා බලපත් ලබාදීමට තමා කළ උත්සහය පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැඩපිළිවෙළ නිසා මගහැරුණු බවද තානාපතිවරයා පැවැසිය.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊශ්‍රායලයේදි හමුවු තානාපතිවරයා මෙ බව පැවැසීය.
මේ අතර ඊශ්‍රායලයේ ලක්ෂ දෙකක පමණ ශ්‍රම හිඟයක් පවතින බවද හෙතෙම ෙහළි කළේය. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ හෝටල් යන ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය බවද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පෙන්වාදුන්නේය. ශ්‍රී ලාංකිකයන් මේවනවිට ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරතව සිටින බවත් ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයින් හාරදහසකට පමණ රැකියා අවස්ථා උදා වනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළේය.
වර්තමානයේ මිනිස් ජාවාරම්කරුවන් නිත්‍යනුකූල නොවන අයුරින් රැකියා ලබාදීම ගැටලුවක් බවද පැවසු තානාපතිවරයා ඇතැම් ශ්‍රී ලංකා රැකියාලාභින් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට හුරැවිම නිසා විවිධ ගැටලු වලට මුහුණ දි සිටින බවද මෙහිදි හෙළිවිය.

