වීරවංශට ඇප


විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ ද තවත් නඩුවකට පෙනී සිටීම සඳහා ඇගේ සැමියා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ද අද (18) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණ සිටිති.

විමල් වීරවංශ ඇතුළු හය දෙනෙක් අධිකරණයට පැමිණ ඇත්තේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැමිණි දවසේ කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ නීති විරෝධී විරෝධතාවයක් හේතුවෙනි.

විමල් වීරවංශ, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි ව්ජේනායක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙක් ඊට හවුල් වී යැයි පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප නියම වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ ඇප ලියැවිලිවලට අත්සන් කරන තුරු ඔවුහු අධිකරණ සිරමැදිරියේ රඳවනු ලැබූහ.

1daa7164d7f76240a5e70919f1a0f1fb7399b77b730027a9a01bdf6c56778cee  30d29ba4d5b6f882b4c0877941add0d90f9a5be2150b802222cdd7a9d971502d 50c4e02860fd606f736c6f4719453e66d7533af4ccadcbb769d4c41c36205369 329d6d3525c7dfa1b65384f5c445ed92d74f518bd195a161defc27396dbe7656 68060e921919ddf2bd48163f7e8f8eebd2fd2b158fd476fd847453de8471880f