වීරවංශගේ බිරිය අත්අඩංගුවට


ව්‍යජ නම් සහ උපන්දින ඇතුළත් කර සාමාන්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙකක් සකස් කළැයි සැකපිට හිටපු ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාලබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරන බවට ලද තොරතුරකට අනුව එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඇය සඳුදා (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.