‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීලී ජනහමු දස දහසක් රටපුරා පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇතැයි එම පෙරමුණ පවසයි.
නොවැම්බර් 5 දා සිට 25 වැනිදා දක්වා මේ රැස්වීම් පැවැත්වීමට යයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදය ශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය.

