වීරවංශ තවම තීරණයක් නෑ


ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පනත් කෙටුම්පතට පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මේ වන තෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායකත්වය ඇතුළු දේශපාලන මණ්ඩලය අඟහරුවාදා (22) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත බව ද ඔහු කියයි.

ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තු අසුන් දෙකක් හිමිය.