රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඔහු ඇමැති සමයේ ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතනයන් හි සිදුවූ ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාගැනීමට එහි කැඳවා තිබිණි.