වීර හිමිවරු සැමරෙති


අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 12 වැනි ගුණ සැමරුම නිමිත්තෙන්  ලේ දන්දීමේ වැඩසටහනක් දෙසැම්බර් 12  වැනි දා කුරුණෑගල කුඹුක්ගැටේ කසාගල පුරාණ රජමහා විහාරයේදී  ප්‍රදේශවාසින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කුඹුක්ගැටේ කසාගල පුරාණ රජමහා විහාරයේ දායක සභාවේත් කුඹුක්ගැටේ සිවිල් ආරක්ෂක බලකායේ හා දහම් පාසල් ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් පැවති ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික ලේ දන්  දීමේ සේවයේ අනුග්‍රහය ලබාදී තිබිණී.

ලේ දන්දීමේ වැඩසටහනෙහි මුලිකත්වය ගෙන කටයුතු කළ කසාගල රජමහා විහාරයේ විහාරාධිපති මැල්සිරිපුර විමලරත්න හිමියන් පැවසුවේ  ලේ දන්දීමේ ව්‍යාපාරයේ  ප්‍රධාන පරමාර්ථය වුයේ  මීට වසර 12කට පෙර සමුගත් අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියනට,  අනගාරික ධර්මපාල තුමාට සහ   කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං පැමිණවම බවයි.

DSC05166[1] DSC05175[1] DSC05187[1] DSC05191[1] DSC05201[1]