වීර චාරිකාව කඹුරුගමුවෙන් නවතී


රුවල් ඔරුවකින් ලෝකය වටා සංචාරය කරමින් වීර ක්‍රියාවන්හි නිරතවීමෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින ස්විට්සර්ලන්ත ජාතික යුහන් බ්‍රෝමියෝ (43) මාතර කඹුරුගමුව ආසන්න මුහුදේ දී අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ගාල්ල වරායට පැමිණීම සඳහා ඉන්දුනීසියාවේ බාලි වරායේ සිට පැමිණි ඔහුගේ රුවල් යාත්‍රාව කඹුරුගමුව ආසන්න මුහුදේ දී ගල්පරයක වැදී විනාශ වී ඇතැයි ද පොලීසිය කියයි. අනතුරට ලක්වීමෙන් පසු තමන්ට හැකි පමණින් උපකරණ කිහිපයක් ද රැගෙන බ්‍රෝමියෝ ගොඩබිමට පිහිනාගෙන පැමිණ ඇත.

ඔහු පවසන්නේ තමන් 2013 ඔක්තෝබර් මස 05 දා ස්විට්සර්ලන්තයෙන් පිටත්ව රුවල් ඔරුවකින් තනිව ලෝකය වටා ගමන් කරමින් සිටිය දී මේ අනතුරට ලක්වූ බවයි.