වීදුරු අඳුරු කරන්න හිතුමතේ බෑ - පොලිසිය


ප්‍රභූවරුන්ට අදුරු වීදුරු සහිත රථ වාහන ධාවන කිරීමට අවසර ඇත්තේ  පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නිර්දේශ මත මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසර  ලබාගත්  වහන වලට පමණක් බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මේ සඳහා  විශේෂ අවසර ලබා දෙන්නේ ආරක්ෂක හේතුන් සහිත පුද්ගලයන්ට සහ හිරු එළියට නිරාවරණය වීමට නොහැකි  රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින්ට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය