කොළඹ නාරාහේන්පිට පාර්ක් වීදියේ නවතා තිබූ මෝටර් රථයකට හදිසියේම වීදි ලාම්පුවක කොටසක් කඩා වැටුණේය. පෞද්ගලික සමාගමක විධායකයකුගේ මෙම මෝටර් රථය, ‘ශාලික’ ක‍්‍රීඩාංගනය අසල නවතා සිය පුත‍්‍රයා සමඟ ඔහු රථයෙන් බසිනවාත් සමගම වීදි ලාම්පුව රථයේ වහලට කඩාවැටුණේ විශාල ශබ්දයක්ද නංවමිනි.
රථයට සිදුවූ අලාභහානිය ගැන රක්‍ෂණ සමාගමට දැනුම්දීමෙන් නොනැවතී රථයේ හිමිකරු නාරාහේන්පිට පොලිසියටද මේ ගැන පැමිණිලි කළේය. වහා පැමිණි පොලිස් නිලධාරීන් අනතුර වාර්තා කොට වීදි ලාම්පු කොටස ඔවුන්ගේ භාරයට ගෙන මෙහි වගකීම භාර ගත යුතු කොළඹ මහ නගර සභාව කැඳවීය. කොළඹ මහ නගර සභාවේ නඩත්තු අංශයේ නිලධාරියෙක් මෙම අනතුරේ වගකීම භාර ගත්තේය. එයට සමාව අයැදි සිටියේය. මහ මග ගමන් කරන මගියකු ගේ හිස මතට මෙම විදි ලාම්පු කොටස කඩා වැටුණේ නම් ජීවිත අනතුරක් අනිවාර්යයෙන්ම සිදුවීමට ඉඩ තිබූ බව පෞද්ගලික සමාගම් විධායකයා කියයි.