වීදි නාට්‍යයේ නව ප්‍රවණතා : වැඩමුළුව බ්‍රහස්පතින්දා


වීදි නාට්‍ය කලාවේ නව ප්‍රවණතා මැයෙන් නාට්‍ය වැටමුළුවක් 24 වැනි දා උදේ නවයේ සිට කොළඹ හත සුදර්ශී ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

යංප්ලේයර්ස් වීදි නාට්‍ය කණ්ඩායම නොමිලේ එය සංවිධානය කරයි.  වැඩමුළුවට සහභාගී වන්නන් බදාදා (23) ට පෙර ඒ බව 071 82 77 232 (ග්‍රණවික්‍රම) අංකයට දැනුම් දෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.