
(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් වයිරසය හේතුවෙන් අද (30) රාත්‍රියේ කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි වූහ.
කැබිනට් රැස්වීම මෙසේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වූ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.

