වී මෝල් තානාපතිට සම්බා සැලකිලි


පුලතිසිපුර සහල්මෝල් හිමියකු වන ප්‍රාදේශීය විද්‍යුත් මාධ්‍යවේදියා යුරෝපයේ තානාපති කාර්යාලයකට පත්වීමක් ලැබ පසුගියදා ගියේය.

එහි දින 10ක් ගත කළ ඔහු ගමරට ආවේය. ඒ නිවාඩු පිටය. ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යයේ වැඩ කිරීම සඳහාය. බරපතල අසනීපකාරයන්ට පවා නිවාඩු ලබාගැනීම ලේසි නොවේ. එහෙත් මොහුට නිවාඩු ලැබුණේය.

විදේශ අමාත්‍යංශය එම නිවාඩු වහා අනුමත කළේය. ඔහුට සම්බා සැලකිල්ලක් ලැබුණු බව දැන් විදේශ අමාත්‍යංශයෙන් ඇසෙන කථාවයි.