(සිතුම් චතුරංග)
වසර 14කට පෙර වවුනියාව මහ රෝහලේ සේවයකළ ප්‍රසව හා නාරි විශේෂඥය වෛද්‍යවරයකු පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය) වවුනියාව ප්රාපදේශිය නායකයකු වූ නැදුමාරන් නැමැත්තාට වවුනියාව මහධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් අද (08) මරණ දඬුවම නියම කළේය.
වෛද්යයවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ අධිචෝදනා ලබා සිටි විත්තිකාරු සියලු චෝදනාවන්ට වරදකරු බවට නිගමනය කරමින් මරණ දඬුවම නියම කළේය.
එලෙස මරණ දඬුවම නියමවූයේ වවුනියාව ප්‍රෙද්ශයේ පදිංචි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නැදුමාරන් නැමති ප්ලොට් සංවිධානයේ හිටපු ප්‍රාෙද්ශීය නායකයකු වේ.
2009 අප්‍රේල් 20 වැනිදා එවකට වවුනියාව මහ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි විශේෂඥය ඒ.මීරාමොහිදීන් වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වෙඩිතබා ඝාතනය කොට තිබූ අතර ඝාතනය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් නැදුමාරන් නැමැත්තා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

