(විනීතා එම් ගමගේ)
අවුරුදු උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවාවන් අද(16) සිට ආරම්භ වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියයි.
විශේෂ කාල සටහනකට අනුව අතිරේක දුම්රිය කිහිපයක් දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව අද සිට මාතර සහ මරදාන අතර විශේෂ දුම්රිය දෙකක් ධාවනයට යොදවා ඇතැයි හෙතෙම කීවේය.
එමෙන්ම කොටුව සහ ගාල්ල අතරත් කොටුව සහ බණ්ඩාරවෙල අතරත් අමතර දුම්රිය ධාවනයට එක්කර ඇති බවද වාර්තා වෙයි.
හෙට(17) මරදාන සහ ගාල්ල අතරත් යාපනය සහ කොටුව අතරත් විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය ද දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ යොදවා තිබේ.

